අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් විසින් නිකුත් කරන ලද නව නියෝජගය අනුව අන්‍යෝන්‍ය තීරු බදු අනුපාත තවදුරටත් වෙනස් කිරීමට ගෙන ඇති තීරණය තම පක්ෂය විසින් පිළිගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ අමෙරිකාව විසින් නව තීරු බදු සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ නිවේදනයේ සඳහන් “වෙළෙඳසහ ආරක්ෂක බැඳීම්” සම්බන්ධයෙන් පැහැදිළි ප්‍රකාශයක් කරන ලෙසයි.
අදාල නිවේදනය පහතින් දැක්වේ.