අමෙරිකාව වෙත ගෙන්වනු ලබන සියලුම වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25ක නව තීරුබදු ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊට අදාළ නිල නිවේදනය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ තම වෙළෙඳ හවුල්කරුවන්ගේ තීරුබදු සමඟ සමපාත වන පරිදි අන්‍යෝන්‍ය තීරු බදු හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවයි.
ජනපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළද ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු උපුටා දක්වමින් වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පිළිවෙළින් සියයට 25ක් සහ සියයට 10ක් වන සේ තීරු බදු පැනවුවද, පසුව කැනඩාව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු ඇතැම් වෙළෙඳ හවුල්කරුවන් වෙත තීරු බදු රහිත කෝටා ලබා ගැනීමට ඉඩ දී තිබුණා.
හිටපු ජනපති ජෝ බයිඩ්න්ගේ ධුර කාලය තුළ ද ට්‍රම්ප්ගේ පාලනය තුළ හඳුන්වා දී තිබූ ඇතැම් තීරු බදු නිදහස් කිරීම් අඛණ්ඩව පවත්වා ගත් අතර යුරෝපා සංගමය සහ ජපානය, බ්‍රිතාන්‍යය යන රටවල් සඳහා වූ නව කෝටා දීර්ඝ කිරීමට තීරණය වූ බව සඳහන්.