
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බවයි.














