ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියද ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබදව විමර්ශන නැවැත්විය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඔහු සම්බන්ධරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී.
මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.