ජී 20 සඳහා කාශ්මීරය සූදානම් බව විදෙස් වාර්තා පවසනවා . එහිදී කාශ්මීර බලශක්ති බෙදා හැරීමේ සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයා ජී 20 සමුළුව සඳහා හදිසි රැස්වීමක් ද පවත්වා තිබෙනවා.
ජී 20 සමුළුවට අදාළ කටයුතු අවසන් කිරීම, සමුළුව සඳහා අඛණ්ඩ විදුලි බල සැපයුම සහ ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව කාශ්මීර බලශක්ති බෙදා හැරීමේ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කළමනාකාර අධ්‍යක්ෂකවරයාව දැනුවත් කර ඇතැයි සඳහන්.
විදුලිය සම්බන්ධ හදිසි සේවා සඳහා ප්‍රාන්ත පරිපාලනය සමඟ හොඳ සම්බන්ධීකරණයක් යෙදවීමේ සැලැස්මක් සකස් කරන ලෙස ඔහු එහිදී සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම ජී 20 ට සමගාමී ජාත්‍යන්තර හමු සහ රැස්වීම් මේවනවිට කාශ්මීරයේ දී ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .