පසුගිය වසර තුන තුළදී බාල අපරාධ සිද්ධීන් අට දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
එම කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවලට අනුව ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8,492 ක් පසුගිය වසරවලදී වාර්තා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ ප්‍රමාණාත්මකව වැඩි වී ඇති බවද එම වාර්තාවේ සදහන්.
මෙම කාලය තුළ ළමුන්ට එරෙහිව සිදු වී ඇති ලිංගික අතවර සංඛ්‍යාව 4309 ක් .
එමෙන්ම ළමුන් 54 දෙනෙකු පසුගිය වසර තුන තුළදී ඝාතනයට ලක්ව තිබෙනවා.
2022 වසරේදී ළමුන්ට එරෙහිව බාල අපරාධ 2821 සිදු වී තිබුණා.
එමෙන්ම 2023 වසරේදී එම ගණන 2 764 ක් බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2 907 ක් සිදු වී ඇති බවයි විගණනය මගින් අනාවරණය වී ඇත්තේ.