
ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
කාන්තා සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දූත පිරිස විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර තිබුණා.














