අද සිට ලබන 11 වැනිදා දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව මෙම සතිය තුළ අද මාර්ග අනතුරු වැළැක්වීම, හෙට සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීමේ දින ලෙසයි නම් කර ඇත්තේ. එමෙන්ම අනිද්දා නිවෙස් මෙන්ම වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ලබන 10 වැනිදා දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ 11 වැනිදා පාසල්, පෙර පාසල් මෙන්ම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් සෑම වසරකම ජූලි මාසයේ පළමු වැනි සඳුදා සිට සිකුරාදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයි. මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමටත්, අනතුරු සිදුවීමේ අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ඉදිරීයේදී අනතුරු ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










