ජාතික ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිගන්නා බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පවසනවා .
ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පසුගිය 26 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි නිත්‍ය සැසිවාරය අප්‍රේල් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.