ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස යළිත් ඉම්රාන් කවාජා පත්ව තිබෙනවා.
ඔහුගේ නව ධූර කාලය දෙසැම්බර් පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් අයි.සී.සී සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ ද එම දිනයේදීයි.
කවාජා පළමු වරට 2008 වසරේදී අයි.සී.සී අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත් වුණු අතර ඔහු 2017 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙ උප සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.