Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර කම්කරු අදයි

    ජාත්‍යන්තර කම්කරු අදයි

    2024-05-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
    ඒ වෙනුවෙන් අද දිනයේ දේශපාලන පක්ෂ දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පවත්වන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූවා.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගනයේදී මැයි රැළිය පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළා.

    මේ අතර සමගි ජන බලවේගයේ මැයි රැළිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව චැතම් වීදියේදී පවත්වන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවා.

    මේ අතර ජාතික ජන බලවේගය මෙවර මැයි රැළි 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
    එහි ප්‍රධාන රැළිය ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේ පැවැත්වෙන අතර, අනෙකුත් මැයි රැළි තුන මාතර, යාපනය සහ අනුරාධපුරයේදී පැවැත්වෙන බවයි එම පක්ෂයේ සාමාජික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.

    මේ අතර උත්තර ලංකා සභාගයේ මැයි රැළිය අද කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළා.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය තමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු කණ්ඩායම පක්ෂ වෘත්තීය සමිති සමග එක්ව අද දිනයේදී විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේදී මැයි රැළියක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

    මේ අතර ලංකා සමසමාජ පක්ෂය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හයිඩ්පාර්ක් ක්‍රීඩාංගනයේත්,ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය, කොටගල නගර සභා ක්‍රීඩාංගනයේත් මැයි රැළි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මහින්ද, ලසන්ත සහ දුමින්දට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි
    Srilanka
    පෙර පුව​තසියලුම ඉන්ධන මිල ගණන් අඩු කෙරේ
    ඊළඟ පුව​ත සී.අයි.ඩී නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කප්පම් ලබා ගත් පුද්ගලයන් රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group