ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුළි ගෙවීමේ පදනම මත ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කලාද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව කුළි මුදල් වශයෙන් රුපියල් 12,750,000.00 ක පමණ මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ජී.ඒන් ඔටෝ හොල්ඩින් නැමති ආයතනයෙන් ඒකි වහනය සපයා ගැනීම සඳහා සැකකරු විසින් ප්‍රසම්පාදන රිතී නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර ඇති බවද හෙළි වී තිබුණා.
මීට අමතරව අදාළ වාහනය නිසි ලෙස භාර ගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදුකිරීමෙන් දුෂණය නම් වරද සහ දුෂණය නැමැති වරද සිදුකරීමට කුමන්ත්‍රණය කිරීම යන වරද සැකකරු විසින් සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.














