ජපානයේ ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
අධික සුළං තත්ත්වය හේතුවෙන් එරට වරායක ගොඩගසා තිබු බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් ටෝකියෝහි ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා.
එමෙන්ම දුම්රිය සේවයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉදිරි දින කිහිපයේදී ටෝකියෝවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාව පවතින බවද එරට කාළගුණ අංශ සදහන් කලා.