ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 1 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
“ තමන්ටම නිවසක් – ලස්සන ජිවිතයක්“ මෙවර ජනාවාස සතියේ තේමාව බව සඳහන් කළ අමාත්‍යවරයා තමාටම අයත් නිවසක් හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණ බවද පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම සතියට සමගාමීව නිවාස අධාර ලබා දීම, නිවාස හිමිකම් ඔප්පු ලබා දීම ඇතුලු වැඩසටහන් රැසක් සිදු කෙරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා පළමු අදියර යටතේ නිවාස 2846ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද පැවසුවා.
එසේම පළමු අදියරේදී ඉඩම් ඔප්පු 1000ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද කියා සිටියා.