ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා.
එහිදී මහ කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ රටේ මානව හිමිකම් තහවුරු කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ලෙන යන වැඩ පිළිවෙල සදහා එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
දිවයිනේ උතුරේ සහ දකුණේ ජනතාව ජනාධිපති ප්රමුඛ රජය කෙරෙහි තබා ඇති විශ්වාසය සම්බන්ධයෙන්ද තමන් ඉතාමත් පැහැදීමෙන් යුතුව සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
රටේ ආර්ථික ස්ථාවරය සහ මානව හිමිකම් ආරක්ශා කිරීම සදහා උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරන බවද ජනාදිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේම සහාය අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තබමින් මෙරට සංස්කෘතිය , සංහිදියාව සහ කීර්තිනාමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඇතුලු ජාත්‍යන්ත සංවිධාන වලද සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී අතුරුදන් වූවන්ගේ ගැටළුව සම්බන්ධයෙන්ද වැඩි දුර සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී හතකට තුවාල
- නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
- විශ්වවිද්‍යාල සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්
- ශෂීන්ද්‍ර යලිත් රක්ෂිත බන්ධානාගාරයට
- ඇල්ලේදී අනතුරට පත් බස් රථයේ වටිනාකමට වඩා මෝස්තරවලට වියදම් කරලා
- ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
- ජනපති ඇගලුම් ක්ෂේත්රයේ ප්‍රධානීන් හමුවෙයි
- ආසියානු කුසලානයේ සිව් වන තරගය අද