ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසනවා.
ඊයේ යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කලා.
උණුසුම් පුවත්
- රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට දෙන කෑමවේල ගැන ඇමැතිගේ අවධානය
- අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය
- කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…
- ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්
- පුංචි ආණ්ඩුවල සභිකයන්ට වැඩමුළුවක්
- ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
- පොලිස් සැරයන්වරයකුගේ ගමන් බැගයක බන්ධනාගාරයට අයත් මාංචු කුට්ටමක්