අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා .
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා .
ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රුපියල් එකොළොස් බිලියන දෙසිය තිස් හතර මිලියන හත්සිය දහතුන් දහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ පහළොස් දහස් පන්සිය අසූ හතරක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.













