Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනප්‍රිය ටෙලි නිලියට අධිකරණයෙන් ලැබුණු දඬුවම

    ජනප්‍රිය ටෙලි නිලියට අධිකරණයෙන් ලැබුණු දඬුවම

    මිලියන පහක වන්දියක් සහ දේපළ යළි පවරා දෙනතුරු මාසිකව 30000ක් ගෙවන්නත් වෙයි
    2023-02-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.317 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නි‍ෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා හතරසිංහට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

    ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස එම නිළියට නියෝග කළා.

    හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පිනියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

    දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීමේදී ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව දිසා විනිසුරුවරිය සිය තීන්දුව මඟින් පෙන්වා දී තිබෙනවා.

    ආදරය, කරුණාව දක්වා කෘතඥපූර්වකව රැක බලාගැනීම වෙනුවට අකාරුණිකව, ගුණමකුව හා අකෘතඥතාවෙන් සැලකීම පැමිණිල්ල මඟින් මනාව ඔප්පු කර ඇති බවට ප්‍රකාශ කරමින් මෙම තීන්දුව නිකුත් කෙරුණා.

    මිත්තණිය 2016 වසරේ දී මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූවා.

    කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දැරියන් සමඟ ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිණිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ දේපළ පවරා දී ඇත.

    දේපළ පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුලුපගව සිට ඇති විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටී ද, නොසිටී ද යන්න පවා සොයා බැලීමට කාරුණික වී නොමැති බවත් පැවසූ නීතිඥවරයා අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ ලබා දී නොමැති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

    ‘‘ආච්චි හෘද රෝගයෙන් පෙළෙන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිවුවා නම් හරි, අවශ්‍ය නම් ඇයට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුළුවන්, මේ නඩුව දානකම් ආච්චිව දැක්කෙ හෝ හමු වුණේ නෑ’’ විත්තිකාරිය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත.

    දෙපාර්ශ්වයේ සාක්ෂි හා කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කෙරුණා..

    පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා සමඟ නීතිඥ එස්. ජනගන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා මහතා පෙනී සිටියේය.

    – දිනමිණ

    Ruchini Tanasha Hatharasinghe Tanasha Hatharasinghe ටනාෂා හතරසිංහ රුචිනි ටනාෂා රුචිනි ටනාෂා හතර සිංහ
    පෙර පුව​තදිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්
    ඊළඟ පුව​ත ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් මරණ 4ක් වාර්තාවෙයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group