
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබදව ජනපතිවරයා දැනුවත් කර තිබෙනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබුණා.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවයි ජනාදිපතිවරයා සදහන් කලේ. මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන වන බවයි.














