ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසි කිරීමේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් වාහන විකුණා ඇත්තේ රුපියල් කෝටි 200 ක මුදලකට බව ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරය චෝදනා කලා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය කියා සිටියේ සුඛෝපභෝගි වාහන වෙන්දේසිකර ඇත්තේ ත්‍රිරෝද රථ අලෙවි කරන මුදලට බවයි.
ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහනවලින් කොටසක් වෙන්දේසි කිරීමට රජය තීරණය කළ අතර එහි දෙවන අදියර ලෙස භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් වෙන්දේසි කිරීමට රජය පෙරේදා කටයුතු කර තිබුනා.
මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර ඉන් වාහන 17ක් පෙරේදා දිනයේ අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මෙම වෙන්දේසියේදී උපයා ඇති ආදායම රුපියල් මිලියන 200කට අධික බවත් සඳහන්.