ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග රජයේ දුත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවයි.
ඔවුන් අද අළුයම 03.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටවත්ව ගොස් තිබෙනවා.
ගෝලීය නායකයින් සමුළුවේ දේශනයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණා.