රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට චීනය පූර්ණ සහාය ලබා දෙන බව මෙරට චීන තානාපති චී චෙන් හොං මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට අදාළ උපකරණ ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එම අවස්ථාවට එක්වෙමින් චීන තානාපති මේ බව ප්‍රකාශ කළා.
චී ෂෙං හොං මහතාගෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම ආධාර ලබාදී තිබෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හංසක විජයමුණි හා ටී.බී සරත් යන මහත්වරුන් ද , සුනිල් රත්නසිරි , පත්මසිරි බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.