දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කළා.
මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුනු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. මහජන සහභාගීත්වයක් සහිතව පුළුල් යන්ත්‍රණයකින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුමයි. මත්ද්‍රව්‍ය සැපයීම සහ ඊට ඇති ඉල්ලුම අඩාළ කිරීම මෙම වැඩසටහනේ ඉලක්කයක් වනවා. පාසල්, විශ්වවිද්‍යාල, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ද රටම එකට ජාතික මෙහෙයුම සදහා සහභාගී කර ගෙන තිබෙනවා.












