• “අස්වැසුම” සඳහා රුපියල් බිලියන 183ක්.
• “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 02ක්.
• විමධ්‍යගත අය වැය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 11,250ක්.
• “කඳුකර දශකය” වෙනුවෙන් රුපියල් බිලියන 10ක්.
• කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කෙරේ.
• සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කරනවා.
• ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් – දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රදේශීය ලේකම්වරු සමඟ පැවති හමුවේ දී ජනපති අවධාරණය කරයි.
සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ඊයේ (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.
උණුසුම් පුවත්
- T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
- හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
- දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
- ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
- බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
- ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය












