චීන ජාතික ගුවන් සේවය වන එයා චයිනා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් කෝවිඩ් 19 තත්ත්වයත් සමග තාවකාලිකව නවතා දමා තිබුණා.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙම චීන ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතයි.
උණුසුම් පුවත්
- ආපදා මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළට – 190ක් අතුරුදන්
- මිනිස් පරීභෝජනයට නුසුදුස මස් කිලෝ 12000ක් සොයා ගැනේ
- නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට
- ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
- අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ පැමිනිලි සදහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පියවර
- මහනුවර සිට දුම්රිය භාවිතා කරන මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් හෙට සිට
- ජලාශ රැසක් වාන් මට්ටමේ
- ආපදා මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළට













