චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ හරහා සොලමන් දූපත් රාජ්‍යයේ වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී ඇතැයි ද සඳහන්.
සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි.
ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.
උණුසුම් පුවත්
- පරාටේ නීතිය හකුලා ගන්නැයි ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලයි
- රාගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
- ජුනි මාසය අවසනයේ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක්
- ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
- තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි