චීන රජය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් මෙරටට ප්‍රදානය කර තිබෙනවා.
ඒ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මෙරට තුල ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පිඩාවට පත් වුවන්ට සහන සැලසීම සදහායි .
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන රතු කුරුස සමාජය විසින් හදිසි මුදල් ආධාර වශයෙන් මෙම මුදල ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ලබා දී ඇති බවයි.













