චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වයත් සමග එම පළාතේ පුද්ගලයන් එක් ලක්ෂ 10,000ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන 25,800ක රඳවා තැබීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර, ගුවැන්ඩොං පළාතේ නගර තුනක පාසල් වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් යුවාන් මිලියන 140.6ක් හෙවත් ඩොලර් මිලිය 18.8 ඍජු ආර්ථික අලාභයක් සිදුව ඇති බවට එරට බලධාරීන් ඇස්තමේතු ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- විමල් වීරවංශගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක්
- වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
- බිමල්ගේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා
- ජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්-නලින්ද ජයතිස්ස
- කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම ඇමතීමට අගමැති සූදානමින්
- නෙළු බලන්න එනවා නම් නීතිරීති රකින්න
- ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට