මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා .
මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
කැඩෙට් නිලධාරියෙකු ලෙස 1986 වසරේදී යුධ හමුදාවට එක්ව ඇති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා වසර 35 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති කීර්තිමත් නිලධාරියෙක් වනවා .
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ මීට පෙර කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම පත්වීම කර සිදුකර ඇත්තේ .










