එළඹෙන සදුදා දිනයේ සිට සති 2 ක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ පාසල්වලින් බැහැරව සිදුකරන සියළු ක්රියාමාර්ගවලින් ඉවත් වීමට එම සන්ධානය තීරණය කර ඇති බවයි.