ශ්‍රි ලාංකික විශේෂ දූත පිරිසක් රුසියාව බලා යෑමට නියමිත බව වාර්තා වනවා.
ඒ රුසියානු – යුක්රේන යුද්ධයට එක් වූ මෙරට හමුදා සෙබළුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රුසියාවේ හිටපු තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් රුසියාවට බලා යාමට නියමිත බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ.