වියළි කාලගුණ තත්ත්වයත් සමග කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ සිට මාර්තු 02 වැනිදා දක්වා ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේ, ගිනි ඇතිවීමෙන් පසු නිවා දැමීම අසීරු මෙන්ම එම ගිනිගැනීම්වලින් වන පරිසර හානිය නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි බැවින් ජනතාව ඒ පිළිබදව දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි.
එවන් පසුබිමක මස්කෙළිය – හැමිල්ටන් වත්ත ප්‍රදේශය ආශ්‍රිත රක්ෂිතයේ ඊයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ඒ සඳහා බෙල් – 412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවීමට ද ගුවන් හමුදාව පියවර ගෙන හිබෙනවා.
එමෙන්ම මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග විදුලි ජනනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉදිරියේදී විදුලි බිල සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව මාතලේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.