ශ්රීපාද වන්දනාකරුන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් අද අනතුරට පත් වීමෙන් එම රථයේ ගමන් ගත් පිරිස තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ගිනිගත්හේන ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ප්රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
උලපනේ, මාවෙල සිට ශ්රීපාද වන්දනාවේ පැමිණි එකම පවුලේ පිරිසක් ආපසු උලපනේ දක්වා ප්රවාහනය කරමින් තිබියදී අනතුර සිදුව තිබෙනවා.
ඒ ගිනිගත්හේන නාවලපිටිය ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන, බගතොලුව ප්රදේශයේදි බවයි පොලිසිය පවසන්නේ.
වෑන් රථය මාර්ගය පසෙක කන්දේ වැදී මාර්ගය හරහා පෙරලී තිබෙනවා.
අනතුරෙන් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී තිබෙන අතර වෑන් රථයේ රියදුරුට නින්දයෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.