බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් මවක් සහ දියණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කාමරය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බවයි.
එහි නිදා සිටි මව සහ වයස අවුරුදු තුන හමාරක් පමණ වූ දියණිය බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බවද පොලිසිය පවසනවා.
බරපතල තත්ත්වයේ පසු වූ මව සහ දියණිය බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
නිවෙස් හිමියා එම අවස්ථාවේ වැසිකිළියේ සිට ඇති බවත් ඔහුද පිළිස්සුම් තු-වාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.












