ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා.
ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ.
ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119 දෙනෙකු ළමුන් වන බවයි.
මේ වන විට ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදා බලය තව දුරටත් වර්ධනය කරමින් සිටින බව වාර්තා වනවා.
ඒ අනුව තව දුරටත් යුධ ටැංකි සහ සන්නද්ධ කණ්ඩායම් ගාසා තීරය වෙත ඊශ්‍රායලය යොදවමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












