දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට ඊශ්‍රායල විසින් දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම රෝහලට සිව් වරකට වඩා ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තරයේ ද දැඩි විරෝධවට හේතු වී තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයන්වලින් මාධ්‍යවේදීන් 05 දෙනෙකු ඇතුළු අවම වශයෙන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සදහන්.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායලය ඉඩ නොදීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තරය විරෝධය පල කර තිබෙනවා.