ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එහිදී රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට මෙම තීරණ ගන්නා ලෙසයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේ.
සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
උණුසුම් පුවත්
- පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට
- විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්
- ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි ගාස්තුව සහිත රට බවට පත්කිරීමට රජයෙන් සැලසුම්
- තුසිත හල්ලොලුවට ඇප
- රෝගීන් රැගෙන යමින් තිබූ ගිලන් රියක් අනතුරට
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
- දියවඩන නිලමේ නිලවරණයට දිනය නියම වෙයි
- විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට