ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට ඊයේ දිනය දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා සදහා දර්ශන වාර අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අඟහරුවාදා සිටි සිකුරාදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය පාසල් දර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය මහජන දර්ශන සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














