රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගවයින් දෙදෙනෙකු සොරකම් කළ බව කියන පුද්ගලයන් තුන් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ඉකුත් 30 වැනිදා මෙම සොරකම සිදුව ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වත්තල, රාගම හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23ක් 47ක් සහ 59ක් වන තිදෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
ගවයින් සොරකම් කරන ලද දිනයේදීම මරා මස් අලෙවි කර ඇති බවට පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ගවයින් කිරිවත්තුඩුවේ සිට මාබෝල ප්‍රදේශයට ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථයක් සහ මස් ප්‍රවාහනය කළ බව කියන ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.