ඒකාබද්ධ ග්‍රාම – නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ලෝක බැකු සහන ණය මුදලක් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහයෝගය මත ආහාර බෝග, වැවිලි බෝග, පශු සම්පත් හා ධීවර නිෂ්පාදන ඇතුළු කෘෂිකාර්මික අංශයේ සියලු ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව මෙන්ම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ තරගකාරිත්වය හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණු කර ගනිමින් ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය හා විවිධාංගීකරණය, ජල සම්පත් කළමනාකරණය, ආර්ථීක සමානාත්මතාවය තහවුරු කිරීම, ධාරිතා සංවර්ධනය හා පුහුණුව, යටිතල පහසුකම් හා සැපයුම් පහසුකම් සංවර්ධනය ආදී මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් එකී ව්‍යාපෘතියට ඇතුළත් කර තිබෙනවා.