හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ මෙම වසරේ අගෝස්තු මස 05 වනදා පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්.
අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ.
ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
- මව සහ දියණිය විදුලි සැරට බිලි
- පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්














