ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම ආයුධ සොයාගෙන ඇත්තේ.
මෙහිදී පොලිසිය විසින් ටී56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොයාගනු ලැබුවා.