ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ වන විට තහවුරු කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුවත් කර මෙරටට යොමු කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.














