ඊයේ දිනයේ දී පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහයුම්වලදී ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළ බවයි පොලිසිය සදහන් කළේ.
එහිදි අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 16 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 271 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 194 ක්.
බීමත් රියදුරන් 21 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4523 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.













