මහවෙල, කවටයාමුණ ප්‍රදේශයේදී ගජමුතු දෙකක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ නීතිවිරෝධී මැත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරු සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 73ක් පමණ වන කවටයාමුණ, කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.