කෝපායි ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(16) සවස කාලයේදී කෝපායි අල්ලියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට කෝපායි පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 59ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණකරු හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ අවුරුදු 37 හා 63 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














