කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(29) උදෑසන ගනේමුල්ල, බොල්ලතේ ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් හතර හමාරකට ආසන්න ප්‍රමාණයක් හා මත්පෙති 3450කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකාරිය අවුරුදු 48ක් වන බොල්ලතේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.












