ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග දෙකක් ඊයේ නිමාවට පත්වුණා.
එහිදී කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ලකුණු 27ට 20ක් ලෙස පරාජය කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට වෙස්ලි විදුහල ලකුණු 27-10 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව වෙස්ලි විදුහලට තරගයේ ජය හිමිවුණා.
මේ අතර කොළඹ ලුම්ඹිනි විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේ ජය පිළියන්ද සෙන්ට්‍රල් විද්‍යාලයට හිමිවුණා.
තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ ලකුණු 25 ට 21ක් ලෙසයි.
එමෙන්ම අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
මෙහිදී ප්‍රිනිස්ඔස් වෙල්ස් විද්‍යාලය , කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය සමගින් ද සහිරා විද්‍යාලය , ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමගින්ද තරග වැදීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කෙරේ.