කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවයි.
එමෙන්ම වසරකට බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.