කොළඹ දිස්ත්‍රික්යේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරුවේ සිට ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8ක කාලයක් මෙම ජලකප්පාදුව සිදු කරන බවයි.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ සහ නාවල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මෙම ප්‍රදේශ වලට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ප්‍රදේශ සදහාද මෙම ජලකප්පාදුව සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














